2024 මාර්තු 28 දින යාවත්කාලීන කරන ලදී.
රහස්‍යතා ප්රකාශනය
මෙම රහස්‍යතා ප්රකාශනය WD-40 සමාගම (WD-40 Company) සහ එහි අනුබද්ධිත ආයතන (සාමූහිකව “WD-40,” “අපි,” සහ “අප”) ඔබ අපගේ වෙබ් අඩවි හෝ ජංගම යෙදුම් (එකක් නම් “අඩවිය” සහ සාමූහිකව “අඩවි”) වෙත පිවිසෙන විට හෝ භාවිතා කරන විට, අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම හා සම්බන්ධ වනවිට, සමාජ මාධ්‍ය ඔස්සේ අප හා සම්බන්ධ වන විට, අපගේ ලොතරැයි දිනුම් ඇදීම් හෝ තරඟවලට සහභාගී වනවටි හෝ වෙනත් ආකාරයකින් අප සමඟ අන්තර් ක්‍රියා කරන විට (සාමූහිකව, අපගේ “සේවා”) අප විසින් රැස් කරන පෞද්ගලික තොරතුරු රැස් කරන, භාවිතා කරන සහ අනාවරණය කරන ආකාරය විස්තර කරයි. අපගේ වෙබ් අඩවි සහ සේවාවන් භාවිතා කිරීමෙන්, මෙම රහස්‍යතා ප්රකාශනය අනුව ඔබගේ පෞද්ගලික තොරතුරු රැස් කිරීම, සැකසීම, භාවිතය සහ අනාවරණය කිරීම සඳහා ඔබ එකඟ වේ.
මෙම රහස්‍යතා ප්රකාශනයෙහි පිටපතක් බාගත කිරීම සඳහා මෙතැන ක්ලික් කරන්න.
මෙම රහස්‍යතා ප්රකාශනය රැකියා අයදුම්කරුවන්ගෙන්, දැනට සිටින සහ හිටපු සේවකයන්ගෙන් සහ අදාළ වන විට, අපට සේවා සපයන වත්මන් සහ හිටපු සේවකයන්ගෙන් සහ කොන්ත්‍රාත්කරුවන්ගෙන් සේවා නියුක්තිය සම්බන්ධව රැස් කරන ලද තොරතුරුවලට අදාළ නොවේ.
මෙම රහස්‍යතා ප්රකාශනය ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කර ඇති අතර අදාළ දේශීය දත්ත ආරක්ෂණ නීතියෙන් අවශ්‍ය වනවිට අදාළ දේශීය භාෂාවලට පරිවර්තනය කර ඇත. මෙම රහස්‍යතා ප්‍රකාශයේ ඉංග්‍රීසි පිටපත සහ එහි කිසියම් පරිවර්තනයක් අතර කිසියම් විෂමතාවයක් හෝ නොගැලපීමක් ඇති වුවහොත්, ඉංග්‍රීසි සංස්කරණය බලපැවැත්විය යුතුය.
පටුන
1. අප විසින් රැස් කරන තොරතුරු
2. අප ඔබගේ තොරතුරු භාවිතා කරන ආකාරය
3. තොරතුරු බෙදාහදා ගැනීම සහ අනාවරණය කිරීම
4. අළෙවිකරණ සන්නිවේදන
5. ආරක්ෂාව
6. කුකීස්, විශ්ලේෂණ, සහ වෙනත් ලුහුබැඳීමේ තාක්ෂණය
7. වෙනත් වෙබ් අඩවි සඳහා සබැඳි
8. තොරතුරු රඳවා තබා ගැනීම
9. ළමයින්
10. ඔබගේ තොරතුරු යාවත්කාලීන කරන්නේ කෙසේද
11. අප හා සම්බන්ධ වන්න
12. මෙම රහස්‍යතා ප්රකාශනය සඳහා වෙනස්කම්
13. රට/කලාපය/ප්‍රාන්ත විශේෂිත විධිවිධාන
1. අප විසින් රැස් කරන තොරතුරු
ඔබ අප සමඟ කරන අන්තර්ක්‍රියා මත පදනම්ව අපි විවිධ වර්ගයේ පුද්ගලික තොරතුරු රැස් කරන්නෙමු. අපි විසින් රැස් කර සකස් කරනු ලබන පෞද්ගලික තොරතුරු වල ප්‍රධාන කාණ්ඩ සහ වර්ග පහත දක්වා ඇත.
• සම්බන්ධතා තොරතුරු: ඔබ අපගේ වෙබ් අඩවි වල ගිණුමක් නිර්මාණය කරන විට, අපගේ පුවත් පත්‍රිකාවක් හෝ තැපැල් ලැයිස්තුවක් සඳහා පුරනය වනවිට, තරඟයකට ඇතුල් වන විට, ප්රවර්ධනයක් මුදා ගන්නා විට, හෝ ලොතරැම් දිනුම් ඇදීමකට ඇතුල් වනවිට, නැතහොත් වෙනත් ආකාරයකින් අප සමඟ සන්නිවේදනය කරන විට හෝ අන්තර් ක්‍රියා කරන විට, අපි ඔබේ නම, තනතුර, ඊ-තැපැල් ලිපිනය, තැපැල් ලිපිනය, දුරකථන අංකය, උපන් දිනය, රැකියාව සහ විනෝදාංශ එක්රැස් කරනු ඇත.
• හඳුන්වන: ඔබ අපගේ වෙබ් අඩවි වෙත පිවිසෙන විට, අපි ඔබගේ IP ලිපිනය, පරිශීලක නාමය, ගිණුම් අංකය, මුරපදය සහ සත්‍යාපනය සහ ප්‍රවේශය සඳහා වෙනත් ආරක්ෂක තොරතුරු රැස්කර ගනු ඇත.
• භූ ස්ථාන දත්ත: ඔබ අපගේ වෙබ් අඩවි වෙත පිවිසෙන විට, ඔබ අපගේ වෙබ් අඩවියට ප්‍රවේශ වන සාමාන්‍ය කලාපය හෝ ප්‍රදේශය අපි විසින් එක් රැස් කර ගනු ඇත.
• භාවිත දත්ත: ඔබ අපගේ වෙබ් අඩවි වෙත පිවිසෙන විට, අපි බ්‍රවුස් කිරීමේ සහ ක්ලික් කිරීමේ ඉතිහාසය, උපාංග වර්ග, මෙහෙයුම් පද්ධතිය, බ්‍රවුසර සැකසීම්, IP ලිපිනය, භාෂා සැකසීම්, ඇතුළුව ඔබගේ අන්තර්ජාල හෝ සහ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රියාකාරකම් සම්බන්ධ දත්ත සහ ඔබ වෙබ් අඩවිය, අනෙකුත් වෙබ් අඩවි, සහ අන්තර්ජාලය තුළ සැරිසරන ආකාරය පිළිබඳ තොරතුරු ඇතුළු අඩවි භාවිත දත්ත රැස් කළ හැක.
• සමාජ මාධ්‍ය ප්‍රොෆයිල: ඔබ Facebook හි අපට කැමත්ත දැක් වූ විට හෝ ඔබ අපව අනුගමනය කරන විට හෝ Facebook, Twitter, Snapchat, LinkedIn, Instagram හෝ වෙනත් වෙබ් අඩවිවල අපගේ අන්තර්ගතය බෙදා ගන්නා විට වැනි විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා ඔබ අප හෝ අපගේ අඩවි සමඟ අන්තර් ක්‍රියා කරන විට, ඔබේ ප්‍රොෆයිල තොරතුරු, ඔබේ සමාජ මාධ්‍ය ගිණුම හා සම්බන්ධ පරිශීලක ID, සහ තෙවන පාර්ශවයන් සමඟ බෙදා ගැනීමට ඔබ සමාජ ජාලයට ඉඩ දෙන වෙනත් ඕනෑම තොරතුරක් ඇතුළුව එම සමාජ ජාලවලින් අපට තොරතුරු ලැබිය හැක.
• පරිශීලක උත්පාදිත අන්තර්ගතය: ඔබ අප හා සෘජුවම සම්බන්ධ වනවිට, උදා: ඊ-තැපෑලෙන්, දුරකථනයෙන්, තැපෑලෙන් හෝ මාර්ගගත පෝරමයක් සම්පූර්ණ කිරීමෙන් හෝ මාර්ගගත කතාබහකට සහභාගී වීමෙන්, අපි ඔබේ අදහස් සහ මතයන් සටහන් කරන්නෙමු. සමීක්ෂණවලට ප්‍රතිචාර දැක්වීමේදී, ලොතරැයි දිනුම් ඇදීම්වලට ඇතුල් වනවිට හෝ අප විසින් පවත්වාගෙන යන ප්රවර්ධනවලට සහභාගි වනවිට ඔබ ප්‍රකාශ කරන අදහස් සහ මතයන් ද අපි සටහන් කරන්නෙමු.
• ශ්‍රව්‍ය/දෘෂ්‍ය දත්ත: ඔබ අපගේ එක් කාර්යාලයකට හෝ සිදුවීම් කුටියකට ගිය විට, අපගේ ප්‍රවර්ධන හෝ තරඟයකට සහභාගී වන විට, හෝ ඡායාරූප හෝ වීඩියෝ අප වෙත ඉදිරිපත් කරන විට, අපි වීඩියෝ, ඡායාරූප හෝ ශ්‍රව්‍ය පටිගත කිරීම් ඇතුළුව ශ්‍රව්‍ය, විද්‍යුත්, ඡායාරූප, දෘශ්‍ය හෝ සමාන දත්ත රැස් කරනු ඇත.
• වාණිජ තොරතුරු: වාණිජ තොරතුරු: ඔබ අපගේ නිෂ්පාදන ගැන විමසන විට හෝ ඔබ මිල දී ගත් නිෂ්පාදන පිළිබඳ තොරතුරු අපට ලබා දෙන විට, අපි මිලදී ගත්, ලබාගත් හෝ සලකා බැලූ නිෂ්පාදන හෝ සේවා පිළිබඳ වාර්තා හෝ වෙනත් මිලදී ගැනීම් හෝ පරිභෝජන ඉතිහාසය පිළිබඳ වාර්තා රැස් කරනු ඇත.
• නිගමන: ඔබ පිළිබඳ නිගමනයන් නිර්මාණය කිරීම සඳහා අපි විවිධ මූලාශ්‍රවලින් ලබා ගන්නා තොරතුරු ප්‍රසිද්ධියේ ලබාගත හැකි තොරතුරු සමඟ ඒකාබද්ධ කරමු. උදාහරණයක් ලෙස, අප සතුව ඇති තොරතුරු අප රැස් කර ඇති තොරතුරු: (i) නොබැඳි සහ මාර්ගගත, (ii) වෙනත් තෙවන පාර්ශ්වීය අඩවි හරහා, (iii) පරිගණක සහ ජංගම උපාංග වැනි උපාංග හරහා, සහ (iv) තෙවන පාර්ශවයකින් සමඟ ඒකාබද්ධ කළ හැකිය. අපි ඔබ ගැන පැතිකඩක් නිර්මාණය කිරීමට, ඔබේ මනාපයන්, චරිත, හැසිරීම් සහ ආකල්ප පිළිබිඹු කිරීම සඳහා ඉහත විස්තර කර ඇති කාණ්ඩවලින් තොරතුරු ද භාවිතා කළ හැක.අපි ඔබගේ ජාතිය හෝ ජනවාර්ගික සම්භවය, දේශපාලන මතයන්, ආගම හෝ දාර්ශනික විශ්වාසයන්, සෞඛ්‍ය හෝ වෛද්‍ය තත්ත්වය, අපරාධ පසුබිම, වෘත්තීය සමිති සාමාජිකත්වය, ජානමය හෝ ජෛවමිතික දත්ත, ලිංගික ජීවිතය හෝ දිශානතිය (” සංවේදී පුද්ගලික තොරතුරු ලෙසින් හඳුන්වනු ලබන”) වැනි පෞද්ගලික තොරතුරු රැස් කිරීම හෝ සැකසීම සිදු නොකරන්නෙමු. සංවේදී පෞද්ගලික තොරතුරු කිසිවක් අප වෙත නොඑවන ලෙස හෝ අනාවරණය නොකරන ලෙස අපි ඉල්ලා සිටිමු. කෙසේ වෙතත්, අපගේ නිෂ්පාදන හෝ ඇසුරුම් සම්බන්ධ සිදුවීම් විශ්ලේෂණය කිරීමට සහ විසඳීමට අවශ්‍ය වූ විට ඔබේ සෞඛ්‍ය හෝ වෛද්‍ය තත්ත්වය සම්බන්ධ තොරතුරු අපට අනාවරණය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිය හැක. තවද, ඔබ ඇමතුමක් අතරතුර අපගේ නියෝජිතයින්ට එය සන්නිවේදනය කරන්නේ නම් හෝ ඔබ සන්නිවේදනයක් හෝ වෙනත් ක්‍රමයක් හරහා ස්වේච්ඡාවෙන් කැමැත්ත ප්‍රකාශ කරන්නේ නම් අපි එවැනි තොරතුරු සකසන්නෙමු.ඔබගේ පුද්ගලික තොරතුරු රැස් කරන අවස්ථාවේදී වෙනත් ආකාරයකින් ප්‍රකාශ කර නොමැති නම්, පහත විස්තර කර ඇති අරමුණු සඳහා පමණක් ප්‍රමාණවත් සහ අවශ්‍ය වන ඔබේ පුද්ගලික තොරතුරු අපට අවශ්‍ය පරිදි සැපයීමට ඔබ බැඳී සිටී. ඉල්ලා සිටින තොරතුරු ඔබ අපට ලබා නොදෙන්නේ නම්, ඔබට අවශ්‍ය සේවාවන් හෝ තොරතුරු ඔබට ලබා දීමට හෝ පහත විස්තර කර ඇති අරමුණු ඉටු කිරීමට අපට නොහැකි වනු ඇත.
2. අප ඔබගේ තොරතුරු භාවිතා කරන ආකාරය
පහත අරමුණු සඳහා අපි ඔබගේ තොරතුරු භාවිතා කරන්නෙමු.
• විමසීම් සහ ඉල්ලීම්: ඔබගේ විමසීම්, පැමිණිලි සහ යෝජනා වලට ප්‍රතිචාර දැක්වීමට අපි ඔබගේ සම්බන්ධතා තොරතුරු, හඳුන්වන සහ වාණිජ තොරතුරු භාවිතා කරන්නෙමු. සැකසීම සඳහා නෛතික පදනම: වෙබ් අඩවි සහ සේවා සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ විමසීම්, පැමිණිලි සහ යෝජනා ප්‍රමාණවත් ලෙස සහ කාලෝචිත ආකාරයකින් හැසිරවීම අපගේ නීත්‍යානුකූල බැඳියාවන් වේ.
• විශ්ලේෂණ අරමුණු: මනාප, ප්රවණතා සහ සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කිරීමට අපි ඔබේ හඳුන්වන, භාවිත දත්ත, භූ ස්ථාන දත්ත, වාණිජ තොරතුරු, සමාජ මාධ්‍ය පැතිකඩ, පරිශීලක උත්පාදිත අන්තර්ගතය සහ නිගමන භාවිත කරන්නෙමු. සැකසීම සඳහා නෛතික පදනම: අපගේ වෙබ් අඩවි සහ සේවා වැඩිදියුණු කිරීම සහ අපගේ සේවකයින්ගේ සහ කොන්ත්‍රාත්කරුවන්ගේ කාර්ය සාධනය සහ ඔබේ කැමැත්ත ඇගයීම අපගේ නීත්‍යානුකූල බැඳියාවන් වේ.
• අළෙවිකරණ අරමුණු: අපි ඔබේ සම්බන්ධතා තොරතුරු, හඳුන්වන, වාණිජ තොරතුරු, භාවිත දත්ත, භූ ස්ථාන දත්ත, සමාජ මාධ්‍ය පැතිකඩ, පරිශීලක උත්පාදිත අන්තර්ගතය, ශ්‍රව්‍ය/දෘෂ්‍ය දත්ත, සහ නිගමන ඔබට අපගේ පුවත් පත්‍රිකාව යැවීමට, අපගේ අලෙවිකරණ ප්රයත්නයන් වැඩිදියුණු කිරීමට, සමාජ මාධ්‍ය පළ කිරීම් හෝ වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමට, සහ පෞද්ගලීකරණය කළ අලෙවිකරණ සන්නිවේදනයන් ඇතුළුව අප පිළිබඳ තොරතුරු ඔබට ලබා දීමට භාවිතා කරන්නෙමු.
සැකසීම සඳහා නෛතික පදනම: ඔබගේ කැමැත්ත
• පිරිනැමීම් සහ ප්‍රවර්ධන: අපි ඔබට ප්‍රවර්ධන, තරඟ, විශේෂ සිදුවීම්, දිනුම් ඇදීම් සහ වෙනත් පිරිනැමීම්/ප්රවර්ධනයන් (උදා. ඔබට මතක් කිරීමේ ඊමේල් හෝ ත්‍යාග දැනුම්දීම් යැවීම සහ ඔබගේ පෞද්ගලික තොරතුරු ඉටු කිරීමේ හවුල්කරුවන් වෙත මාරු කිරීම සඳහා) සඳහා සහභාගී වීමට ඉඩ ලබා දීම සඳහා ඔබේ සම්බන්ධතා තොරතුරු, හඳුන්වන, වාණිජ තොරතුරු, භාවිත දත්ත, සමාජ මාධ්‍ය පැතිකඩ, ශ්‍රව්‍ය/දෘෂ්‍ය දත්ත, පරිශීලක උත්පාදිත අන්තර්ගතය, භූ ස්ථාන දත්ත සහ නිගමන භාවිත කරන්නෙමු.
සැකසීම සඳහා නෛතික පදනම: මෙම අරමුණ සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු සැකසීම අදාළ ප්‍රවර්ධන නියමයන් සහ කොන්දේසිවල ක්‍රියාකාරිත්වය සහ ඔබේ කැමැත්ත මත පදනම් වේ.
• වෙබ් අඩවි සහ සේවා නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම: අපි ඔබේ සම්බන්ධතා තොරතුරු, වාණිජ තොරතුරු, හඳුන්වන, පරිශීලක උත්පාදිත අන්තර්ගතය, සමාජ මාධ්‍ය පැතිකඩ, භූ ස්ථාන දත්ත, ශ්‍රව්‍ය/දෘෂ්‍ය දත්ත, සහ භාවිත දත්ත අපගේ සේවා සහ අඩවි වැඩිදියුණු කිරීමට, අපගේ වෙබ් අඩවිවල ක්‍රියාකාරීත්වය සැපයීමට සහ නඩත්තු කිරීමට, සහ තාක්ෂණික සහ සේවා ගැටලු හඳුනාගැනීමට සහ අපගේ වෙබ් අඩවි පරිපාලනය කිරීමට අපට උදවු කිරීම භාවිතා කරන්නෙමු.
සැකසීම සඳහා නෛතික පදනම: අපගේ වෙබ් අඩවි සහ සේවා වැඩිදියුණු කිරීම සහ අපගේ සේවකයින්ගේ සහ කොන්ත්‍රාත්කරුවන්ගේ කාර්ය සාධනය ඇගයීම අපගේ නීත්‍යානුකූල බැඳියාවන් වේ.
• ආරක්ෂාව සහ වංචා වැළැක්වීම: අපි ඔබේ සම්බන්ධතා තොරතුරු, හඳුන්වන, වාණිජ තොරතුරු, සමාජ මාධ්‍ය පැතිකඩ, පරිශීලක උත්පාදිත අන්තර්ගතය, භූ ස්ථාන දත්ත, භාවිත දත්ත, ශ්‍රව්‍ය/දෘශ්‍ය දත්ත, සහ නිගමන අපගේ වෙබ් අඩවි සහ සේවා ආරක්ෂා කිරීමට; අප, අපගේ අනුබද්ධිත සමාගම්, අපගේ සේවකයින් සහ වෙනත් අය ආරක්ෂා කිරීමට; සහ වංචා, සොරකම් සහ විෂමාචාර වැළැක්වීම සඳහා භාවිතා කරන්නෙමු.
• සැකසීම සඳහා නෛතික පදනම: අපගේ සංවිධානය ආරක්ෂා කිරීම සහ වංචා, සොරකම් සහ විෂමාචාර වැළැක්වීම අපගේ නීත්‍යානුකූල බැඳියාවන් වේ.
• නෛතික: අපි ඔබේ සම්බන්ධතා තොරතුරු, හඳුනාගැනීම්, සමාජ මාධ්‍ය පැතිකඩ, වාණිජ තොරතුරු, පරිශීලක උත්පාදිත අන්තර්ගතය, භූ ස්ථාන දත්ත, භාවිත දත්ත, ශ්‍රව්‍ය/දෘශ්‍ය දත්ත, සහ නිගමන වාර්තා කිරීමේ අවශ්‍යතා ඇතුළුව අපගේ නීතිමය බැඳීම්වලට අනුකූල වීමට, නීතිමය ක්‍රියාමාර්ගවලදී අප ආරක්ෂා වීමට සහ නීතිමය ක්‍රියාමාර්ග හරහා අප සහ අපගේ දේපළ, සේවකයින් සහ වෙනත් අය ආරක්ෂා කිරීම සඳහා භාවිතා කරන්නෙමු.
සැකසීම සඳහා නෛතික පදනම: අපගේ සංවිධානය ආරක්ෂා කිරීම සහ අපගේ නීතිමය බැඳීම්වලට අනුකූල වීම අපගේ නීත්‍යානුකූල බැඳීම්වලට අනුකූල වීම අපගේ නීත්‍යනුකූල බැඳියාවන් වේ.
3. තොරතුරු බෙදාහදා ගැනීම සහ අනාවරණය කිරීම
පහත තත්ත්වයන් තුළ හෝ මෙම රහස්‍යතා ප්රකාශනයේ වෙනත් ආකාරයකින් විස්තර කර ඇති පරිදි අපි පෞද්ගලික තොරතුරු බෙදහදා ගන්නෙමු.
සේවා සපයන්නන්: සේවා සපයන්නන්: අපි සේවා, වෙබ් අඩවි, සහ අපගේ ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වයට සහාය දක්වන විකුණුම්කරුවන් සහ සේවා සපයන්නන් සමඟ පෞද්ගලික තොරතුරු බෙදාහදා ගනු ලබන අතර අප වෙනුවෙන් ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යාමට එවැනි තොරතුරු වෙත ප්‍රවේශය අවශ්‍ය වන්නන් (උදාහරණයක් ලෙස, වෙබ් සත්කාරකත්වය, විශ්ලේෂණ, ඊ- තැපෑල් බෙදා හැරීම, අලෙවිකරණය, රක්ෂණය, ගබඩා කිරීම සහ ගබඩා සේවා, පාරිභෝගික සහාය සේවා, සහ උසස්වීම්, තරඟ සහ ලොතරැයි දිනුම් ඇදීම්වල පරිපාලනය, විනිශ්චය සහ ත්‍යාග සපුරාලීමේ අංග). සමහර අවස්ථාවලදී, විකුණුම්කරු හෝ සේවා සපයන්නා ඍජුවම අප වෙනුවෙන් ඔබගෙන් තොරතුරු රැස් කර ගනු ඇත. අනුබද්ධිත ආයතන: අපි අපගේ මව් සමාගම, පරිපාලිත ආයතන, අනුබද්ධිත ආයතන, හෝ ඔවුන්ගේ අනුප්රාප්තිකයන් හෝ පැවරුම්ලභීන් සමඟ සහ ඔවුන් අතර පෞද්ගලික තොරතුරු බෙදාහදා ගනු ඇත. අලෙවිකරණ/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන්: අපි ඔබට අලෙවිකරණ ඊමේල් සහ වෙළඳ දැන්වීම් යැවීම වැනි වාණිජමය අරමුණු සඳහා සමාජ මාධ්‍ය වේදිකා සහ ජාල ඇතුළුව තෙවන පාර්ශවීය අලෙවිකරණය, විශ්ලේෂණ හෝ වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් සමඟ පෞද්ගලික තොරතුරු බෙදාහදා ගනු ඇත. වෘත්තීය උපදේශකයින්: ඔවුන් අපට පිරිනමනු ලබන වෘත්තීය සේවාවන්හිදී අවශ්‍ය අවස්ථාවලදී අපි නීතිඥයින්, බැංකුකරුවන්, විගණකවරුන් සහ රක්ෂණකරුවන් වැනි වෘත්තීය උපදේශකයින් සමඟ තොරතුරු බෙදාහදා ගනු ඇත.
රාජ්‍ය ආයතන: අපි රාජ්‍ය, පරිපාලන, නීතිය ක්‍රියාත්මක කරන සහ නියාමන ආයතන; බදු අධිකාරීන්; ආයතනික කාර්යාල; සහ අපි යම් අදාළ නීතියක්, රෙගුලාසියක්, නීතිමය ක්‍රියාවලියක් හෝ වෙනත් නීතිමය වගකීමකට අනුකූල විය යුතු යැයි අප සිතන්නේ නම්, වෙනත් පොදු නියෝජිතායතන හෝ අධිකාරීන් ඇතුළු නියාමන සහ රාජ්‍ය ආයතන සමඟ තොරතුරු බෙදා ගන්නෙමු. අපි යෝග්‍ය යැයි සිතන විට නීතිය ක්‍රියාත්මක කිරීම සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, නීතිමය ප්‍රතිකර්ම ලබා ගැනීම හෝ අපගේ හානි සීමා කර ගැනීම, සහ අපට එරෙහිව ප්‍රකාශ කර ඇති හිමිකම්පෑම්වලට ප්‍රතිචාර දැක්වීම ඇතුළුව අපගේ කොන්ත්‍රාත්, නෛතික අයිතිවාසිකම් හෝ අන් අයගේ අයිතිවාසිකම් බලාත්මක කිරීම හෝ ආරක්ෂා කිරීම මෙයට ඇතුළත් වේ. ආයතනික ගනුදෙනු ලබන්නන්. අපි: (i) අපගේ ව්‍යාපාරය හෝ වත්කම් සියල්ල හෝ කොටසක් විකිණීම හෝ මාරු කිරීම හෝ විකිණීම හෝ මාරු කිරීම ගැන සලකා බලමින් සිටින අවස්ථාවකදී; හෝ (ii) අපගේ හිමිකාරිත්ව බැඳියාව, ව්‍යාපාරය හෝ මෙහෙයුම් සියල්ල හෝ කිසියම් කොටසක් ප්‍රතිසංවිධානය කිරීම, පරිවර්තනය කිරීම, ඒකාබද්ධ කිරීම, විකිණීම, හවුල් ව්‍යාපාරයක්, පැවරීම, මාරු කිරීම හෝ බැහැර කිරීම සලකා බලමින් සිටින හෝ නිරත වන අවස්ථාවකදී විභව ආයෝජකයින්, ගැනුම්කරුවන්, ඒකාබද්ධ හවුල්කරුවන් සහ ඔවුන්ගේ උපදේශකයින් සමඟ තොරතුරු බෙදාහදා ගනු ඇත.
ඔබේ කැමැත්තෙන් හෝ ඔබේ නියමයෙන්. ඔබ එවැනි බෙදාහදා ගැනීමකට කැමැත්ත පළ කරන විට හෝ නියම කරන සෑම විටම අපි තෙවන පාර්ශවයන් සමඟ තොරතුරු බෙදාහදා ගනු ඇත.
වෙනත් හේතූන්: අපි ඔබට විස්තර කරනු ලබන වෙනත් හේතූන් මත තොරතුරු බෙදාහදා ගනු ඇත.
ඉහත සඳහන් අරමුණු සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු ඔබ පදිංචි රටෙන් පිටත තෙවන පාර්ශ්ව වෙත මාරු කළ හැකිය. වෙබ් අඩවි හෝ සේවා භාවිතා කිරීමෙන්, ඔබ ඔබේ පෞද්ගලික තොරතුරු ඔබේ සීමාවෙන් පිටත අධිකරණ බල ප්‍රදේශවලට මාරු කිරීමට සහ සැකසීමට හැකි බවත්, වෙනත් රටවලට මාරු කරන ලද ඔබේ පෞද්ගලික තොරතුරුවලට අදාළ වන දත්ත ආරක්ෂණ නීති සහ රෙගුලාසි ඔබ පදිංචි රටේ නීතිවලට වඩා වෙනස් විය හැකි බවත් ඔබ පිළිගනී. මෙම මාරු කිරීම් සිදු කරන විට, ඔබගේ පුද්ගලික තොරතුරු ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කර ඇති බව සහ අදාළ දත්ත ආරක්ෂණ නීතිවල අවශ්‍යතාවලට අනුකූලව මාරු කිරීම සහතික කිරීමට නිර්මාණය කර ඇති පියවර අපි විසින් ගනු ඇත.
4. අළෙවිකරණ සන්නිවේදන
ඔබට අපෙන් ලැබෙන සන්නිවේදනයන්හි සටහන් කර ඇති “දායක නොවන්න” සබැඳිය හෝ යාන්ත්‍රණය භාවිතා කිරීමෙන් ඔබට අලෙවිකරණයෙන් හෝ වෙළඳ ප්‍රචාරණයෙන් ඉවත් විය හැක. මෙම රහස්‍යතා ප්‍රකාශයේ අප හා සම්බන්ධ වන්න කොටසේ දක්වා ඇති එක් ක්‍රමයක් හරහා අප හා සම්බන්ධ වීමෙන් ඔබට අලෙවිකරණ හෝ ප්‍රචාරණ ඊ-තැපැල්වලින් ඉවත් වීමට ඉල්ලීමක් කළ හැකිය. අපි ඔබගේ ඉල්ලීම ක්‍රියාවට නැංවූ පසු, අපි ඔබෙන් කිසිදු අයකිරීමකින් තොරව එවැනි අරමුණු සඳහා තොරතුරු භාවිතා කිරීම නවත්වන්නෙමු.
5. ආරක්ෂාව
අප වෙත ඉදිරිපත් කරන ලද පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා අපි පොදුවේ පිළිගත් කර්මාන්ත ප්රමිතීන් අනුගමනය කරන අතර පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම සඳහා සාධාරණ තාක්ෂණික, සංවිධානාත්මක, පරිපාලන සහ භෞතික ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇත. කෙසේ වෙතත්, අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමයක් හෝ ඉලෙක්ට්‍රොනික ගබඩා කිරීමේ ක්‍රමයක් 100% ආරක්ෂිත නොවේ. එමනිසා, අපට එහි නිරපේක්ෂ ආරක්ෂාව සහතික කළ නොහැකි අතර ප්‍රවේශමෙන් වෙබ් අඩවි භාවිතා කිරීමට සහ තොරතුරු බෙදාහදා ගැනීමට ඔබව දිරිමත් කරනු ලැබේ.
6. කුකීස්, විශ්ලේෂණ, සහ වෙනත් ලුහුබැඳීමේ තාක්ෂණය
කුකීස් සහ ලුහුබැඳීමේ තාක්ෂණය: ඔබ වෙබ් අඩවියට පිවිසෙන විට, අපි (සහ අප සමඟ වැඩ කරන තෙවන පාර්ශ්ව සමාගම්) සේවාදායක ලොග, කුකීස්, වෙබ් බීකන්ස්, ක්ලියර් ගිෆ්ස්, ටැග්, ඊ-ටැග්, ෆ්ලෑෂ් කුකීස්, ලොග් ගොනු, පික්සල, කේතය, ජාවාස්ක්‍රිප්ට් පැකේජ, ජංගම වෙළඳ ප්‍රචාරණ IDs (Facebook ID හෝ Google වෙළඳ ප්‍රචාරණ ID වැනි), හරස් උපාංග සම්බන්ධ කිරීම සහ ඒ හා සමාන තාක්ෂණයන් වැනි තාක්ෂණයන් භාවිතයෙන් යම් යම් තොරතුරු රැස් කර ගබඩා කළ හැක. එක් රැස් කරන ලද තොරතුරුවලට අපගේ වෙබ් අඩවිවල ඔබේ ක්‍රියාකාරකම්, IP ලිපිනය, බ්‍රවුසර හෝ මෙහෙයුම් පද්ධති වර්ගය සහ සංස්කරණය, උපාංග IDs, සහ ජනවිකාස හෝ අනුමාන කළ-බැඳියාවන් පිළිබඳ තොරතුරු, මෙන්ම ඔබ වෙබ් අඩවි හරහා අප වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු හෝ සන්නිවේදනයන්ද ඇතුළත් වේ.
සාමාන්‍ය භාවිතය සහ ධාරිතා සංඛ්‍යාලේඛන, පරිශීලකයින් අපගේ වෙබ් අඩවි වෙත සහ අවට සැරිසරන ආකාරය, කවර අන්තර්ගතයක් නරඹන්නේද හෝ ප්‍රවේශ වන්නේද, සහ ලබාගෙන ඇති සේවාවන් කවරේද යන්න තේරුම් ගැනීමට අපි මෙම තොරතුරු භාවිතා කරනු ඇත. ඔබගේ මනාපයන් සහ පැතිකඩ තොරතුරු ලුහුබැඳීමට සහ තෙවන පාර්ශවයන්ට විශ්ලේෂණ සහ වෙළඳ ප්‍රචාරණ සේවා සැපයීමට සහ අන්තර්ජාලය හරහා සහ ජංගම යෙදුම්වල අප වෙනුවෙන් වෙළඳ දැන්වීම් සැපයීමට ද අපි මෙම තාක්ෂණයන් භාවිතා කරනු ඇත. උදාහරණයක් ලෙස, අපගේ වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් ඔබගේ වර්තමාන උපාංගයේ හෝ ඔබ භාවිතා කරන වෙනත් උපාංගවල වෙනත් වෙබ් අඩවි සහ ජංගම යෙදුම් පිළීබඳ ප්‍රචාරණය සඳහා ඔබට ඉලක්ක කිරීමට ඔබ අපගේ අඩවියට පිවිසි බව භාවිතා කරනු ඇත. ඔබ උපාංග කිහිපයකින් එකම සබැඳි සේවාවට පුරනය වුවහොත් ඒවා ඔබේ බ්‍රව්සර් හෝ උපාංග සමඟ ගැළපෙනු ඇත. මෙම තුන්වන පාර්ශ්ව හවුල්කරුවන් මෙම තොරතුරු අපගේ සහ ඔවුන්ගේම වෙළඳ ප්‍රචාරණ, විශ්ලේෂණ, ආරෝපණය කිරීම සහ වාර්තා කිරීමේ අරමුණු සඳහා භාවිතා කළ හැක.
බැඳියාව මත පදනම් වූ වෙළඳ ප්‍රචාරණය, ලුහුබැඳීමේ තාක්ෂණයන් සහ ඉවත් වන ආකාරය පිළිබඳ වැඩිදුර දැන ගැනීමට, කරුණාකර http://www.aboutads.info/choices වෙත පිවිසෙන්න. අපගේ වෙබ් අඩවියේ පාදකයේ ඇති කුකීස් කළමනාකරණය කිරීමේ සබැඳිය ක්ලික් කිරීමෙන් සහ අත්‍යවශ්‍ය නොවන සියලුම කුකීස් අක්‍රිය කිරීමෙන් මාර්ගගත ලුහුබැඳීමේ තාක්ෂණය හරහා හරස්-සන්දර්භීය චර්යා වෙළඳ ප්‍රචාරණය හෝ ඉලක්කගත වෙළඳ ප්‍රචාරණය සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු බෙදාගැනීම අබල කළ හැක.
සංඥා ලුහුබැඳ නොයන්න: සමහර බ්‍රව්සර්වල “ලුහුබැඳ නොයන්න” විශේෂාංගයක් ඇත. ඔබ පිවිසෙන වෙබ් අඩවි වලට ඔබේ සබැඳි ක්‍රියාකාරකම් ලුහුබැඳීම ඔබට අවශ්‍ය නැති බව පැවසීමට එය ඔබට ඉඩ සලසයි. මෙම විශේෂාංග තවමත් සියලු බ්‍රව්සරවල ඒකාකාරී ලබා නොදේ. එබැවින් මෙම සංඥාවලට ප්‍රතිචාර දැක්වීමට අපගේ වෙබ් අඩවි දැනට සකසා නොමැත. සංඥා ලුහුබැඳ නොයන්න පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර https://allaboutdnt.com/ වෙත පිවිසෙන්න.
ගූගල් විශ්ලේෂණ: අපි ගූගල් විශ්ලේෂණ විසින් සපයනු ලබන විශ්ලේෂණ සේවා භාවිතා කරමු. ඔබ අපගේ වෙබ් අඩවි වලට පිවිසෙන විට හෝ භාවිතා කරන විට ගූගල් දත්ත භාවිතා කරන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබට අවශ්‍ය නම්, කරුණාකර www.google.com/policies/privacy/partners වෙත පිවිසෙන්න. ඔබ ඉවත් වීමට කැමති නම්, ගූගල් විසින් https://tools.google.com/dlpage/gaoptout හි ඇති ඉවත් වීමේ මෙවලමක් සපයයි.
7. වෙනත් වෙබ් අඩවි සඳහා සබැඳි
අපගේ වෙබ් අඩවිවල අපගේ පෞද්ගලිකත්ව භාවිතයන්ට වඩා වෙනස් විය හැකි වෙනත් වෙබ් අඩවි හෝ යෙදුම් වෙත සබැඳි ඇතුළත් විය හැක. ඔබ එවැනි කවර හෝ වෙබ් අඩවියකට හෝ යෙදුම් වලට පෞද්ගලික තොරතුරු ඉදිරිපත් කරන්නේ නම්, ඔබේ තොරතුරු ඔවුන්ගේ රහස්‍යතා ප්‍රකාශ මඟින් පාලනය වේ. ඔබ පිවිසෙන ඕනෑම වෙබ් අඩවියක රහස්‍යතා ප්රකාශනය ප්‍රවේශමෙන් කියවීමට අපි ඔබව උනන්දු කරන්නෙමු.
8. තොරතුරු රඳවා තබා ගැනීම
දත්ත මත පදනම් වූ ව්‍යාපාරික තීරණ ගැනීම, අපගේ නීතිමය බැඳීම්වලට අනුකූල වීම සහ ආරවුල් විසඳීම වැනි නීත්‍යානුකූල සහ අත්‍යවශ්‍ය ව්‍යාපාරික අරමුණු සඳහා ඔබට සේවා සැපයීමට අවශ්‍ය තාක් කල් අපි ඔබේ පෞද්ගලික තොරතුරු රඳවා තබා ගන්නෙමු. පෞද්ගලික තොරතුරු රැස් කිරීම, රඳවා තබා ගැනීම සහ සැකසීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කාලයක් තබා නොගනී. නීත්‍යානුකූලව අවශ්‍ය ව්‍යාපාරික වාර්තාවක කොටසක් ලෙස එම දත්ත රඳවා තබා ගන්නේද යන්න මත පෞද්ගලික තොරතුරු රඳවා තබා ගැනීමේ කාල සීමාවන් වෙනස් වේ.
9. ළමයින්
අපි දැනුවත්ව වයස අවුරුදු 13ට අඩු කිසිවකුගෙන් පෞද්ගලික තොරතුරු රැස් කිරීම හෝ ගබඩා කිරීම සිදු නොකරන්නෙමු. වයස අවුරුදු 13 ට අඩු පුද්ගලයෙකුගෙන් පෞද්ගලික තොරතුරු රැස් කර හෝ ගබඩා කර ඇති බව අප දැනුවත් නම්, අපි ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අපගේ ලිපිගොනුවලින් ඉවත් කරන්නෙමු. ඔබ දෙමාපියෙකු හෝ භාරකරුවෙකු නම් සහ අප නොදැනුවත්වම ඔබේ දරුවාගෙන් පෞද්ගලික තොරතුරු රැස් කර ඇති බවට විශ්වාස කරන්නේ නම්, කරුණාකර privacy@wd40.com වෙත ඊ-තැපෑලක් එවීමෙන් වහාම අපට දන්වන්න.
10. ඔබගේ තොරතුරු යාවත්කාලීන කරන්නේ කෙසේද
ඔබට ඕනෑම අවස්ථාවක, ප්‍රවේශය ඉල්ලීමට සහ ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදි කිරීමට අපෙන් ඉල්ලීමට අයිතිය ඇත. අප සතුව ඇති සහ ඔබට අදාළ වන තොරතුරු වෙත ප්‍රවේශ වීමට, වෙනස් කිරීමට හෝ යාවත්කාලීන කිරීමට කරුණාකර 11 වන කොටසේ ඇති සම්බන්ධතා තොරතුරු භාවිතා කර අප හා සම්බන්ධ වන්න.
11. අප හා සම්බන්ධ වන්න
අපගේ රහස්‍යතා භාවිතයන් හෝ මෙම රහස්‍යතා ප්‍රකාශය සම්බන්ධයෙන් ඔබට ප්‍රශ්න හෝ උත්සුකයන් තිබේ නම්, පහත ලිපිනයට ලිවීමෙන් හෝ ඊ-තැපෑලෙන් අප හා සම්බන්ධ විය හැක:
WD-40 සමාගම (WD-40 Company)
අවධානයට: රහස්‍යතා
ලිපිනය: 9715 බිස්නස්පාක් මාවත, සැන් ඩියාගෝ, CA 92131
ඊ-තැපෑල: privacy@wd40.com.
12. මෙම රහස්‍යතා ප්රකාශනය සඳහා වෙනස්කම්
අපි මෙම රහස්‍යතා ප්රකාශනය කලින් කලට සංශෝධනය කිරීමට හෝ යාවත්කාලීන කිරීමට හැකිය. ඉහත අවසන් වරට යාවත්කාලීන කරන ලද දිනය සංශෝධන කළ නවතම දිනය පෙන්නුම් කරයි. යාවත්කාලීන කරන ලද රහස්‍යතා ප්රකාශනය අපගේ වෙබ් අඩවිවල පළ කරනු ලැබේ. අපි සංශෝධිත රහස්‍යතා ප්රකාශනයක් පළ කිරීමෙන් පසු ඔබ විසින් සේවා හෝ වෙබ් අඩවි අඛණ්ඩව භාවිතා කිරීම සංශෝධිත රහස්‍යතා ප්රකාශනය ඔබ විසින් පිළිගැනීම පෙන්නුම් කරයි.
13. රට/කලාපය/ප්‍රාන්ත විශේෂිත විධිවිධාන
කැලිෆෝනියාව කැලිෆෝනියාවේ පදිංචිකරුවන් සඳහා, ඔබට පහත අමතර විධිවිධාන අදාළ වේ.
ෂයින් ද ලයිට්: ඔබ කැලිෆෝනියාවේ පදිංචිකරුවෙකු නම්, මෙම කොටස ඔබට අදාළ වේ. කැලිෆෝනියාවේ ෂයින් ද ලයිට් නීතිය (කැලි. Civ. කේතය § 1798.83) කැලිෆෝනියාවේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ තොරතුරු තෙවන පාර්ශවයන්ගේ සෘජු අලෙවිකරණ අරමුණු සඳහා තෙවන පාර්ශවයන් සමඟ බෙදාහදා ගන්නා ආකාරය පිළිබඳ නිශ්චිත විස්තර ඉල්ලා සිටීමට අවසර දෙනු ලැබේ. ඔබ කැලිෆෝනියාවේ පදිංචිකරුවෙකු නම් සහ එවැනි ඉල්ලීමක් කිරීමට කැමති නම්, කරුණාකර ඔබේ ඊ- තැපෑලේ විෂය තීරුවේ “CA ෂයින් ද ලයිට්” යනුවෙන් ඇතුළත් කරprivacy@wd40.com වෙත ඊ-තැපෑලක් යවන්න.
කැලිෆෝනියා පාරිභෝගික රහස්‍යතා පනතෙහි (CCPA) අනාවරණය කිරීම්:
අපි එක් රැස් කරන පෞද්ගලික තොරතුරු කාණ්ඩ සහ මූලාශ්‍ර: පෙර මාස 12 තුළ, අපි පහත සඳහන් පෞද්ගලික තොරතුරු කාණ්ඩ එක් රැස් කර ඇත්තෙමු: සම්බන්ධතා තොරතුරු, හඳුන්වන, සමාජ මාධ්‍ය පැතිකඩ, පරිශීලක උත්පාදිත අන්තර්ගතය, වාණිජ තොරතුරු, භූ ස්ථාන දත්ත, භාවිත දත්ත, ශ්‍රව්‍ය/දෘශ්‍ය දත්ත සහ නිගමන. අප එක් රැස් කරන දත්ත ලක්ෂ්‍ය සහ එවැනි එක් රැස් කිරීමේ මූලාශ්‍ර කාණ්ඩ පිළිබඳ විස්තර සඳහා, කරුණාකර ඉහත 1 කොටස බලන්න.
අපි පුද්ගලික තොරතුරු භාවිතා කරන අරමුණු: අපි ඉහත 2 වගන්තියේ විස්තර කර ඇති ව්‍යාපාරික සහ වාණිජ අරමුණු සඳහා පෞද්ගලික තොරතුරු එක් රැස් කරන්නෙමු.
පෞද්ගලික තොරතුරු විකිණීම හෝ බෙදාහදා ගැනීම: පෙර මාස 12 තුළ, අපි පහත සඳහන් පෞද්ගලික තොරතුරු කාණ්ඩ (CCPA හි අර්ථ දක්වා ඇති පරිදි) “විකිණීම” හෝ “බෙදාහදා ගැනීම” සිදු කර ඇත: හඳුන්වන, වාණිජ තොරතුරු, භූ ස්ථානගත දත්ත, අන්තර්ජාලය හෝ ඉලෙක්ට්‍රොනික භාවිත දත්ත, සහ නිගමන. අපි දැනුවත්ව වයස අවුරුදු
16 ට අඩු බාල වයස්කරුවන්ගේ පුද්ගලික තොරතුරු රැස් කිරීම, විකිණීම හෝ බෙදාහදා ගැනීම සිදු නොකරන්නෙමු.
සංවේදී පෞද්ගලික තොරතුරු භාවිතා කිරීම හෝ අනාවරණය කිරීම: පෙර මාස 12 තුළ, CCPA යටතේ භාවිතය සහ අනාවරණය කිරීමේ අයිතිය සීමා කිරීමට අදාළ වන අරමුණු සඳහා අපි සංවේදී පෞද්ගලික තොරතුරු භාවිතා කර හෝ අනාවරණය කර නැත.
ව්‍යාපාරික අරමුණක් සඳහා අනාවරණය කිරීම: පෙර මාස 12 තුළ, අපි ඉහත 3 වන වගන්තියේ දක්වා ඇති ව්‍යාපාරික අරමුණු සඳහා පහත දැක්වෙන පෞද්ගලික තොරතුරු කාණ්ඩ පහත සඳහන් ලබන්නන් කාණ්ඩ වෙත අනාවරණය කර ඇත:
පෞද්ගලික තොරතුරු කාණ්ඩය | ලබන්නන් කාණ්ඩ |
සම්බන්ධතා තොරතුරු | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන, වෘත්තීය උපදේශකයින්, රජයේ ආයතන |
හඳුන්වන | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන, වෘත්තීය උපදේශකයින්, අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
සමාජ මාධ්‍ය පැතිකඩ | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන, වෘත්තීය උපදේශකයින්, අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
පරිශීලක උත්පාදිත අන්තර්ගතය | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන, වෘත්තීය උපදේශකයින්, අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
වාණිජ තොරතුරු | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන, වෘත්තීය උපදේශකයින්, රජයේ ආයතන, අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
භාවිත දත්ත | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
භූ ස්ථාන දත්ත | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
ශ්‍රව්‍ය/දෘශ්‍ය දත්ත සහ | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
නිගමන | සේවා සපයන්නන්, අනුබද්ධිත ආයතන අලෙවිකරණය/විශ්ලේෂණ/වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන් |
ලබන්නන්ගේ කාණ්ඩ පිළිබඳ වඩාත් පුළුල් විස්තරයක් සඳහා, කරුණාකර ඉහත 3 කොටස බලන්න.
CCPA යටතේ ඔබේ අයිතිවාසිකම්
යම් යම් ව්‍යතිරේක සහ සීමාවන්ට යටත්ව, CCPA විසින් කැලිෆෝනියා පාරිභෝගිකයින්ට පහත අයිතිවාසිකම් ලබා දෙයි:
ඔබගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම: ඔබගේ කවර හෝ CCPA අයිතියක් ක්‍රියාත්මක කිරීමට, කරුණාකර ක්ලික් කරන්න, නැතහොත් 1-877-906-1824 මඟින් අප අමතන්න. සියලුම ඉල්ලීම් සඳහා, ඔබ ඔබේ නම, ඊ-තැපැල් ලිපිනය, දුරකථන අංකය සහ තැපැල් ලිපිනය අපට ලබා දිය යුතුය. ඉහත තොරතුරු සියල්ල සැපයීමට අපොහොසත් වීම ඔබගේ ඉල්ලීම සැකසීමෙන් අපව වළක්වනු ඇත. ඔබ සපයා ඇති තොරතුරුවලට එරෙහිව අප රැස් කරගත් තොරතුරු ගැලපීමෙන් අපි ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්නෙමු. ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදි කරන ලෙස ඔබ අපෙන් ඉල්ලා ඇත්නම්, උපකාරක ලියකියවිලි ඇතුළුව සාවද්‍ය යැයි ඔබ විශ්වාස කරන පෞද්ගලික තොරතුරු පිළිබඳ අමතර තොරතුරු ඉල්ලා සිටීමට අපි ඔබව සම්බන්ධ කර ගනු ඇත. ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීමට බලයලත් නියෝජිතයෙකු පත් කිරීම සඳහා, ඔබ privacy@wd40.com වෙත අත්සන් කරන ලද ලිඛිත අවසර දීමක් එවිය යුතුය.
ගෝලීය රහස්‍යතා පාලනය සහ ඉවත්වීමේ මනාප සංඥා: සමහර බ්‍රවුසර හෝ බ්‍රවුසර දිගු මඟින් “ගෝලීය රහස්‍යතා පාලනය” හෝ වෙනත් ඉවත් වීමේ මනාප සංඥා හරහා හරස්-සන්දර්භීය හැසිරීම් වෙළඳ ප්‍රචාරණය සඳහා ඔබේ තොරතුරු බෙදා නොගන්නා ලෙස වෙබ් අඩවිවලට පැවසීමට ද ඔබට ඉඩ සලසයි. ඔබ ඔබගේ බ්‍රවුසරයේ හෝ දිගුවේ ගෝලීය රහස්‍යතා පාලනය හෝ ඉවත් වීමේ මනාප සංඥාවක් සබල කර ඇත්නම්, විශ්ලේෂණ සහ ප්‍රචාරණ තාක්ෂණය අබල කිරීමෙන් අපගේ වෙබ් අඩවියට හඳුනාගත හැකි එවැනි ඉල්ලීම්වලට අපි ගරු කරන්නෙමු. ඔබගේ ඊ-තැපැල් ලිපිනය වැනි වෙනත් පෞද්ගලික තොරතුරු සමඟ ඉවත් වීමේ මනාප සංඥාවක් සම්බන්ධ කිරීම අපට පහසුවෙන් කළ නොහැකි විය හැකි බව කරුණාවෙන් සලකන්න. ඔබ මාර්ගගත විකුණුම්වලින් හෝ පෞද්ගලික තොරතුරු බෙදාහදා ගැනීමෙන් පමණක් ඉවත් වනු ඇති අතර, ඔබ භාවිත කරන සෑම බ්‍රවුසරයක් සඳහාම එය සක්‍රිය කිරීමට අවශ්‍ය වනු ඇත. ඉහත විස්තර කර ඇති මාර්ගගත වෙළඳ ප්‍රචාරණ භාවිතයන්ගෙන් ඔබ්බට ඔබගේ ඉවත් වීමේ ඉල්ලීම දීර්ඝ කිරීමට ඔබ කැමති නම් ඉහත “ඔබගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම” වෙත යොමු වන්න.
Texas
ටෙක්සාස් හි පදිංචිකරුවන් සඳහා, පහත අමතර විධිවිධාන ඔබට අදාළ වේ.
අපි සකසන පෞද්ගලික දත්ත කාණ්ඩ, පෞද්ගලික දත්ත සැකසීමේ අරමුණ, බෙදාගත් පෞද්ගලික දත්ත කාණ්ඩ සහ පෞද්ගලික දත්ත බෙදා ගන්නා තෙවන පාර්ශවයන්ගේ කාණ්ඩ ඉහත දක්වා ඇත.
ඔබගේ අයිතිවාසිකම්
යම් යම් ව්‍යතිරේක සහ සීමාවන්ට යටත්ව, ටෙක්සාස් පාරිභෝගිකයින්ට පහත අයිතිවාසිකම් ඇත:
ඔබගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම
ඔබගේ කවර හෝ අයිතිවාසිකමක් ක්‍රියාත්මක කිරීමට, කරුණාකර මෙතැන ක්ලික් කරන්න, නැතහොත් 1-877-906-1824 මඟින් අප අමතන්න. සියලුම ඉල්ලීම් සඳහා, ඔබ ඔබේ නම, ඊ-තැපැල් ලිපිනය, දුරකථන අංකය සහ තැපැල් ලිපිනය අපට ලබා දිය යුතුය. ඉහත තොරතුරු සියල්ල සැපයීමට අපොහොසත් වීම ඔබගේ ඉල්ලීම සැකසීමෙන් අපව වළක්වනු ඇත. ඔබ සපයා ඇති තොරතුරුවලට එරෙහිව අප රැස් කරගත් තොරතුරු ගැලපීමෙන් අපි ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්නෙමු. ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදි කරන ලෙස ඔබ අපෙන් ඉල්ලා ඇත්නම්, උපකාරක ලියකියවිලි ඇතුළුව සාවද්‍ය යැයි ඔබ විශ්වාස කරන පෞද්ගලික තොරතුරු පිළිබඳ අමතර තොරතුරු ඉල්ලා සිටීමට අපි ඔබව සම්බන්ධ කර ගනු ඇත. ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීමට බලයලත් නියෝජිතයෙකු පත් කිරීම සඳහා, ඔබ privacy@wd40.com වෙත අත්සන් කරන ලද ලිඛිත අවසර දීමක් එවිය යුතුය.
අපගේ තීරණය අභියාචනය කිරීම. අපි ඔබගේ ඉල්ලීම පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබට අපගේ ප්‍රතිචාරය ලැබුණු දින සිට දින දර්ශන දින 90 නොඉක්මවන සාධාරණ කාලයක් තුළ අපගේ තීරණයට අභියාචනා කළ හැක. privacy@wd40.com.වෙත ඊ- තැපෑලක් යොමු කිරීමෙන් ඔබගේ අභියාචනා අයිතිවාසිකම් ක්‍රියාත්මක කළ හැක. කරුණාකර ඔබේ සම්පූර්ණ නම, ඔබේ අභියාචනය සඳහා පදනම සහ සලකා බැලීමට අමතර තොරතුරු ඇතුළත් කරන්න.
ගෝලීය රහස්‍යතා පාලනය සහ ඉවත්වීමේ මනාප සංඥා: සමහර බ්‍රවුසර හෝ බ්‍රවුසර දිගු මඟින් “ගෝලීය රහස්‍යතා පාලනය” හෝ වෙනත් ඉවත් වීමේ මනාප සංඥා හරහා හරස්-සන්දර්භීය හැසිරීම් වෙළඳ ප්‍රචාරණය සඳහා ඔබේ තොරතුරු බෙදා නොගන්නා ලෙස වෙබ් අඩවිවලට පැවසීමට ද ඔබට ඉඩ සලසයි. ඔබ ඔබගේ බ්‍රවුසරයේ හෝ දිගුවේ ගෝලීය රහස්‍යතා පාලනය හෝ ඉවත් වීමේ මනාප සංඥාවක් සබල කර ඇත්නම්, විශ්ලේෂණ සහ ප්‍රචාරණ තාක්ෂණය අබල කිරීමෙන් අපගේ වෙබ් අඩවියට හඳුනාගත හැකි එවැනි ඉල්ලීම්වලට අපි ගරු කරන්නෙමු. ඔබගේ ඊ-තැපැල් ලිපිනය වැනි වෙනත් පෞද්ගලික තොරතුරු සමඟ ඉවත් වීමේ මනාප සංඥාවක් සම්බන්ධ කිරීම අපට පහසුවෙන් කළ නොහැකි විය හැකි බව කරුණාවෙන් සලකන්න. ඔබ මාර්ගගත විකුණුම්වලින් හෝ පෞද්ගලික තොරතුරු බෙදාහදා ගැනීමෙන් පමණක් ඉවත් වනු ඇති අතර, ඔබ භාවිත කරන සෑම බ්‍රවුසරයක් සඳහාම එය සක්‍රිය කිරීමට අවශ්‍ය වනු ඇත. ඉහත විස්තර කර ඇති මාර්ගගත වෙළඳ ප්‍රචාරණ භාවිතයන්ගෙන් ඔබ්බට ඔබගේ ඉවත් වීමේ ඉල්ලීම දීර්ඝ කිරීමට ඔබ කැමති නම් ඉහත “ඔබගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම” වෙත යොමු වන්න.
යුරෝපීය ආර්ථික කලාපය (EEA), එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය
යුරෝපීය ආර්ථික ප්‍රදේශයේ (EEA), එක්සත් රාජධානියේ සහ ස්විට්සර්ලන්තයේ පදිංචිකරුවන් සඳහා, පහත අමතර ප්‍රතිපාදන ඔබට අදාළ වේ.
පාලකයා: ඔබගේ පුද්ගලික තොරතුරු පාලකයා වන්නේ: WD-40 කම්පනි ලිමිටඩ් (WD-40 Company Limited)
හෙළිදරව් කිරීම සහ දේශසීමා හරහා මාරු කිරීම: මෙම රහස්‍යතා ප්රකාශනයේ විස්තර කර ඇති පරිදි අනුබද්ධිත ආයතන සහ තෙවන පාර්ශවයන් සමඟ බෙදා ගන්නා පෞද්ගලික තොරතුරු GDPR හෝ UK GDPR යටතේ අදාළ වන පරිදි අවශ්‍ය ආරක්ෂණ ඇතුළත් ගිවිසුම්වලට අනුව සිදු කෙරේ. අපි ගෝලීය සමාගමක් වන අතර, ඔබගේ පෞද්ගලික තොරතුරු අප අතර බෙදාහදා ගනිමින් ඔබ පදිංචි රටෙන් පිටත මාරු කරනු ලැබේ. වෙබ් අඩවි හෝ සේවා භාවිතා කිරීමෙන්, ඔබ ඔබේ පෞද්ගලික තොරතුරු ඔබේ සීමාවෙන් පිටත අධිකරණ බල ප්‍රදේශවලට මාරු කර සැකසීමට ඉඩ ඇති බවත්, එක්සත් ජනපදයට හෝ වෙනත් රටවලට මාරු කරන ලද ඔබේ පෞද්ගලික තොරතුරුවලට අදාළ වන දත්ත ආරක්ෂණ නීති සහ රෙගුලාසි ඔබ පදිංචි රටේ නීතිවලට වඩා වෙනස් විය හැකි බවත් ඔබ පිළිගනී. GDPR සහ UK GDPR වලට අනුකූලව, යුරෝපීය ආර්ථික ප්‍රදේශයෙන් පිටත මාරු කරන පෞද්ගලික තොරතුරු, එවැනි මාරු කිරීම් සඳහා ආරක්ෂාව සපයන යුරෝපීය කොමිසම විසින් සම්මත කරන ලද සම්මත ගිවිසුම් වගන්ති අඩංගු දත්ත හුවමාරු ගිවිසුම් හෝ නීත්‍යානුකූලව පිළිගත් සහතික කිරීම් වැනි අනුකූලතා විධිවිධානවලට අනුව සිදු කෙරේ.
ඔබේ පෞද්ගලික තොරතුරු පිළිබඳ ඔබේ අයිතිවාසිකම්: පහත සඳහන් පරිදි සිදු කරන මෙන් අපෙන් ඉල්ලා සිටීමට ඔබට අයිතියක් ඇත:
ඔබගේ නවර හෝ පෞද්ගලිකත්ව අයිතියක් ක්‍රියාත්මක කිරීමට, කරුණාකර මෙතැන ක්ලික් කරන්න, නැතහොත් 1-877-906-1824 මඟින් අප අමතන්න. සියලුම ඉල්ලීම් සඳහා, ඔබ ඔබේ නම, ඊ-තැපැල් ලිපිනය, දුරකථන අංකය සහ තැපැල් ලිපිනය අපට ලබා දිය යුතුය. ඉහත තොරතුරු සියල්ල සැපයීමට අපොහොසත් වීම ඔබගේ ඉල්ලීම සැකසීමෙන් අපව වළක්වනු ඇත. ඔබ සපයා ඇති තොරතුරුවලට එරෙහිව අප රැස් කරගත් තොරතුරු ගැලපීමෙන් අපි ඔබේ අනන්‍යතාවය තහවුරු කරන්නෙමු. ඔබගේ පෞද්ගලික තොරතුරු නිවැරදි කරන ලෙස ඔබ අපෙන් ඉල්ලා ඇත්නම්, උපකාරක ලියකියවිලි ඇතුළුව සාවද්‍ය යැයි ඔබ විශ්වාස කරන පෞද්ගලික තොරතුරු පිළිබඳ අමතර තොරතුරු ඉල්ලා සිටීමට අපි ඔබව සම්බන්ධ කර ගනු ඇත. ඔබ වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා බලයලත් නියෝජිතයෙකු පත් කිරීම පිණිස, ඔබ විසින් අත්සන් කරන ලද, ලිඛිත අවසරයක් privacy@wd40.comහි අප වෙත එවිය යුතුය. සපයා ඇති සම්බන්ධතා තොරතුරු භාවිතයෙන් කවර හෝ උත්සුතයන් මතු කිරීමට අපි උනන්දුවක් දක්වන පුද්ගලයින් දිරිමත් කරන අතර අපි ඒවා විමර්ශනය කර ඔබගේ පුද්ගලික තොරතුරු භාවිතා කිරීම සහ අනාවරණය කිරීම සම්බන්ධ කවර හෝ කරුණුුු විසඳීමට උත්සාහ කරන්නෙමු.
Mexico
මෙක්සිකෝවේ පදිංචිකරුවන් සඳහා, පහත අමතර විධිවිධාන ඔබට අදාළ වේ.
දත්ත පාලකයා: ඔබේ දත්ත පාලකයා වන්නේ WD-40 Co. මෙක්සිකෝව, S. de R.L. de C.V.
ඔබගේ පෞද්ගලික දත්ත භාවිතය: අප එක් රැස් කරන පෞද්ගලික දත්ත මෙම රහස්‍යතා ප්රකාශනයේ 1 වන වගන්තියේ හෝ ඔබට ලැබෙන තොරතුරු පත්‍රිකාවල සඳහන් කර ඇති අරමුණු සඳහා පමණක් භාවිතා වේ.
සැකසීම සඳහා කැමැත්ත: පෞද්ගලික පාර්ශ්වයන් විසින් දරනු ලබන පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම පිළිබඳ ෆෙඩරල් නීතියට සහ අනුගාමී රෙගුලාසිවලට අනුකූලව, මෙම රහස්‍යතා ප්රකාශනයේ ඔබේ අයිතිවාසිකම් කොටස යටතේ සපයා ඇති පරිදි ඔබේ විරෝධය ප්‍රකාශ නොකළහොත් මෙම රහස්‍යතා ප්රකාශනයේ විධිවිධානවලට අනුකූලව ඔබේ පෞද්ගලික දත්ත සැකසීමට ඔබ එකඟ වේ. ඔබ සහ අප අතර නෛතික සම්බන්ධතාවයක් යටතේ වගකීම් ඉටු කිරීමේ අරමුණින් අපගේ නිෂ්පාදන සහ සේවාවන් ඔබට ලබා දීමට අපි මූල්‍ය හෝ වත්කම් තොරතුරු සැකසීමට හැක.
ඔබගේ අයිතිවාසිකම්: ඔබ සහ අප අතර නීතිමය සබඳතාවයකට අනුව අවශ්‍ය වන අරමුණුවලට වඩා වෙනස් අරමුණු සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු සැකසීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙම රහස්‍යතා ප්රකාශනය ඔබේ අවධානයට යොමු කිරීමෙන් පසු දින පහක් (5) ඔබට තිබේ; එසේ නොමැති නම්, ඔබ එවැනි සැකසීම් සඳහා කැමැත්ත පළ කර ඇති බව සලකනු ලැබේ. ඔබගේ පෞද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට; එවැනි තොරතුරු සාවද්‍ය හෝ අසම්පූර්ණ වූ විට නිවැරදි කිරීමට; ඔබගේ පෞද්ගලික තොරතුරු අවලංගු කිරීමට හෝ මකා දැමීමට; නිශ්චිත අරමුණක් සඳහා ඔබේ තොරතුරු භාවිතා කිරීමට විරුද්ධ වීමට; නැතහොත් නීතියෙන් අවසර දී ඇති ප්‍රමාණයට කලින් ලබා දුන් කැමැත්ත අවලංගු කිරීමට ද ඔබට අයිතියක් ඇත. ඔබ යම් යම් පෞද්ගලික තොරතුරු භාවිතා කිරීමට අපගේ හැකියාව අවලංගු කළහොත් හෝ අහෝසි කළහොත්, අපට ඔබට ඇතැම් භාණ්ඩ සහ සේවා සැපයීමට නොහැකි විය හැක.
ඉහත විස්තර කර ඇති කවර හෝ අයිතිවාසිකමක් ක්‍රියාත්මක කිරීමට, කරුණාකර privacy@wd40.com වෙත ඊ-තැපැලක් යොමු කරන්න. ඔබගේ ඊ-තැපැල් පණිවුඩයෙහි (අ) ඔබේ සම්පූර්ණ නම; (ආ) ඔබගේ තැපැල් ලිපිනය, ඊ-තැපැල් ලිපිනය සහ දුරකථන අංකය ඇතුළුව ඔබගේ සම්බන්ධතා තොරතුරු; (ඇ) ඔබ ක්‍රියාත්මක කිරීමට කැමති අයිතිවාසිකම; (ඈ) ඔබේ අනන්‍යතාවය හෝ ඔබේ නෛතික නියෝජිතයා පිළිබඳ සාක්ෂි; සහ (ඉ) ඔබගේ පෞද්ගලික දත්ත සොයා ගැනීමට අපට සහාය වන වෙනත් ඕනෑම තොරතුරක්, අයිතමයක් හෝ ලේඛනයක් ඇතුළත් කළ යුතුය.
ඔබගේ ඉල්ලීම ලැබීමෙන් පසු සහ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් දින විස්සක් (20) ඇතුළත හෝ නීතියෙන් අවසර දී ඇති කවර හෝ දීර්ඝ කාලයක් ඇතුළත අපි ඔබගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්නෙමු. (i) ඔබගේ ඊ-තැපැල් ඉල්ලීමෙහි ඔබ සපයා ඇති තොරතුරුවලින් ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපට නොහැකි නම්, ඔබෙන් අමතර තොරතුරු ඉල්ලා සිටීමට; (ii) ඔබගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලැබෙන කාලසීමාව පිළිබඳව ඔබට දැනුම් දීමට; (iii) ඔබට ඔබගේ අයදුම්පත ඉදිරිපත් කිරීමට භාවිතා කළ හැකි පෝරම ඇතුළුව, ඔබගේ ඉල්ලීම ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඔබට ලබා දීමට, සහ; (iv) ඔබ ඉල්ලා සිටින තොරතුරු (සාමාන්‍යයෙන් ලේඛනවල හෝ තොරතුරුවල පිටපත් විය හැකිය) අපි ඔබට ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබව දැනුවත් කිරීමට අපි ඔබව සම්බන්ධ කර ගනු ඇත.
දත්ත මාරු කිරීම: මෙම රහස්‍යතා ප්රකාශනයේ 3 වන වගන්තියේ දක්වා ඇති පරිදි අපි ඔබගේ පෞද්ගලික දත්ත මාරු කළ හැක. එවැනි පැවරීමක් සිදු කරනු ලබන්නේ ඔබට අපගේ භාණ්ඩ සහ සේවා සැපයීම සඳහා අවශ්‍ය වන තෙවන පාර්ශවයන්ට, අපගේ අනුබද්ධිත ආයතනවලට හෝ ඔබ සමඟ ඇති අපගේ නීතිමය සබඳතාවයට අනුව හෝ අපගේ නීතිමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය තෙවන පාර්ශවයන්ට වේ. මෙම රහස්‍යතා ප්රකාශනයේ හඳුනාගෙන ඇති ප්‍රකාශිත අරමුණු සඳහා එවැනි මාරු කිරීමක් සිදු නොවන්නේ නම්, අවශ්‍ය වූ විට අපි ඔබේ කැමැත්ත ලබා ගන්නෙමු.
Australia
‘පෞද්ගලික තොරතුරු’ පෞද්ගලිකත්ව පනත 1988 (Cth) (පෞද්ගලිකත්ව පනත) හි අර්ථ දක්වා ඇති පරිදි ‘පෞද්ගලික තොරතුරු’ ලෙස කියවිය යුතුය.
සංවේදී තොරතුරු. අපි ඔබේ කැමැත්ත ඇතිව (මෙම ප්‍රතිපත්තියේ 1 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි) ඔබේ ‘සෞඛ්‍යය හෝ වෛද්‍ය තත්ත්වය’ සම්බන්ධ පෞද්ගලික තොරතුරු පමණක් එක් රැස් කරන්නෙමු.
අලෙවිකරණ, පිරිනැමීම්, ප්‍රවර්ධන, වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන්. අපි ඔබේ කැමැත්ත ඇතිව (මෙම ප්‍රතිපත්තියේ 2 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි) ඔබේ ‘සෞඛ්‍යය හෝ වෛද්‍ය තත්ත්වය’ සම්බන්ධ පෞද්ගලික තොරතුරු පමණක් එක් රැස් කරන්නෙමු. ඔබ අපෙන් අලෙවිකරණ ද්‍රව්‍ය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති (මෙම ප්‍රතිපත්තියේ 2 වන වගන්තියේ දක්වා ඇති පරිදි) අලෙවිකරණය සඳහා අපට සහාය වන වෙළඳ ප්‍රචාරණ හවුල්කරුවන්ට පමණක් අපි ඔබේ පෞද්ගලික තොරතුරු ලබා දෙන්නෙමු.
ඉලක්කගත සහ තෙවන පාර්ශවීය විශ්ලේෂණ සහ වෙළඳ ප්‍රචාරණය: ඔබ ඉලක්කගත වෙළඳ ප්‍රචාරණ ස්වරූපයේ සෘජු අලෙවිකරණයෙන් ඉවත් වීමට අදහස් කරන්නේ නම් (මෙම ප්‍රතිපත්තියේ 6 වැනි වගන්තියේ දක්වා ඇති පරිදි) ඔබට ඔබේ සමාජ මාධ්‍ය ගිණුමේ, ඔබේ බ්‍රවුසරයේ, හෝ ඔබගේ මාර්ගගති තේරීම් වෙත පිවිසීමෙන් දැන්වීම් සැකසීම් වෙනස් කිරීමට අවශ්‍ය විය හැකිය : https://www.youronlinechoices.com/ie/your-ad-choices.
ඔබ පිළිබඳ තොරතුරු වෙත ප්‍රවේශ වීම සහ නිවැරදි කිරීම. ඔබ ගැන අප සතුව ඇති පෞද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඔබට අයිතියක් ඇති අතර, එම පෞද්ගලික තොරතුරු නිවැරදි කරන ලෙස ඉල්ලා සිටිය හැක. අප ඔබ පිළිබඳ සාවද්‍ය, අසම්පූර්ණ, අදාළ නොවන හෝ නොමඟ යවන සුළු තොරතුරු තබාගෙන සිටින බව ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබට එය නිවැරදි කරන ලෙස අපෙන් ඉල්ලා සිටිය හැක. ඔබ ඔබේ පෞද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට කැමති නම්, හෝ එය යාවත්කාලීන කිරීමට හෝ නිවැරදි කිරීමට අපෙන් ඉල්ලීමට කැමති නම්, ලිඛිතව අප හා සම්බන්ධ වී ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් ඔබට එය කළ හැක. ඔබගේ ඉල්ලීමට දින 30ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමට අපි උපරිම වශයෙන් උත්සාහ කරන්නෙමු. අපි සුවිශේෂී අවස්ථාවන්හිදී පමණක් ප්‍රවේශය ප්‍රතික්ෂේප කරනු ඇති අතර, එවැනි තත්ත්වයකදී, එසේ කිරීම සඳහා අපට ඇති හේතු පිළිබඳව අපි ඔබට උපදෙස් දෙන්නෙමු.
ආරක්ෂණ ඔස්ට්‍රේලියාවෙන් පිටත ඔබගේ පෞද්ගලික තොරතුරු මාරු කරන විට, අප විසින්:
පෞද්ගලිකත්ව ප්රකාශනය. ඔස්ට්‍රේලියානු රහස්‍යතා මූලධර්ම සමඟ අපගේ අනුකූලතාවය පිළිබඳව හෝ ඔබගේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීම හෝ නිවැරදි කිරීම සඳහා වන ඉල්ලීමක් සම්බන්ධයෙන් අප කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඔබට පැමිණිල්ලක් තිබේ නම්, ඉහත 11 වන වගන්තියේ “අප හා සම්බන්ධ වන්න” හි දක්වා ඇති විස්තර භාවිතා කර ඔබට අප හා සම්බන්ධ විය හැක. අපි සාධාරණ කාලයක් තුළ (සාමාන්‍යයෙන් දින 30ක් ඇතුළත) ඔබේ පැමිණිල්ලට ප්‍රතිචාර දැක්වීමට සාධාරණ උත්සාහයන් දරන්නෙමු. ඔබගේ රහස්‍යතා උත්සුකයන් සතුටුදායක ලෙස විසඳීමට අපට නොහැකි වන්නේ නම්, ඔබට ඔස්ට්‍රේලියානු තොරතුරු කොමසාරිස් කාර්යාලය ඔවුන්ගේ www.oaic.gov.au වෙබ් අඩවියෙන් සම්බන්ධ කර ගත හැක.
Mainland China
චීනයේ ප්‍රධාන භූමියේ පදිංචිකරුවන් සඳහා, පහත අමතර විධිවිධාන ඔබට අදාළ වේ.
පෞද්ගලික තොරතුරු සකසන්නා: ඔබගේ පෞද්ගලික තොරතුරුවල පෞද්ගලික තොරතුරු සකසන්නා වන්නේ: වූ ඩයි (ෂැන්හයි) ඉන්ඩස්ට්‍රියල් කම්පනි ලිමිටඩ් (Wu Di (Shanghai) Industrial Co., Ltd.)
පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීම සහ භාවිතා කිරීම
අපි, යුක්තියුක්තභාවය, නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාවය සහ සද්භාවය යන ප්‍රතිපත්තිවලට අනුකූලව, ඔබ අපගේ සේවාවන් භාවිතා කිරීමෙන් හෝ අපගේ වෙබ් අඩවි නැරඹීමෙන් ජනනය වන තොරතුරු, ඔබේම මූලිකත්වයෙන් ඔබ විසින් සපයන ලද තොරතුරු සහ PRC පෞද්ගලික තොරතුරු ආරක්ෂණ නීතිය සහ අනෙකුත් අදාළ නීති සහ පරිපාලන රෙගුලාසිවල විධිවිධානවලට හෝ ඔබේ කැමැත්තට අනුකූලව තෙවන පාර්ශවයන්ගෙන් නීත්‍යානුකූලව එක් රැස් කරන පෞද්ගලික තොරතුරු එක් රැස් කරන්නෙමු.
අප විසින් රහස්‍යතා ප්‍රකාශයේ විස්තර කර ඇති අරමුණු සඳහා අවශ්‍ය ප්‍රමාණයට පමණක් සංවේදී පෞද්ගලික තොරතුරු රැස් කර භාවිතා කරනු ලැබේ. අපි ඔබේ සංවේදී පෞද්ගලික තොරතුරු සැකසීම සඳහා ඔබේ කැමැත්ත වෙනම ලබා ගන්නා අතර ඔබේ සංවේදී පෞද්ගලික තොරතුරු සැකසීමේදී දැඩි ආරක්ෂක පියවරයන් අනුගමනය කරන්නෙමු.
නීති සහ පරිපාලන රෙගුලාසි මඟින් වෙනත් ආකාරයකින් නියම කර නොමැති නම්, අපි ඔබේ පෞද්ගලික තොරතුරු ගබඩා කරන්නේ සැකසීමේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය කෙටිම කාලය සඳහා පමණි.
සැකසීම සඳහා නෛතික පදනම
ඔබගේ පෞද්ගලික තොරතුරු සැකසීමට අපි අවම වශයෙන් පහත එක් නීතිමය පදනමක් මත විශ්වාසය තබන්නෙමු:
නීති සහ පරිපාලන රෙගුලාසි මගින් නියම කර ඇති වෙනත් තත්වයන්.
බෙදාහදා ගැනීම, ප්‍රසිද්ධියේ අනාවරණය කිරීම සහ දේශසීමා හරහා මාරු කිරීම:
රහස්‍යතා ප්රකාශනයේ දක්වා ඇති අරමුණු සඳහා අපි ඔබේ පෞද්ගලික තොරතුරු, ඔබේ පෞද්ගලික තොරතුරු සැකසීමේ ඔවුන්ගේම අරමුණු සහ ක්‍රම ඇති පහත සඳහන් අනුබද්ධිත ආයතන සහ තෙවන පාර්ශ්ව සමඟ බෙදා ගනු ඇත:
ලබන්නන් (සම්පූර්ණ නීත්‍යානුකූල නම) | සම්බන්ධතා තොරතුරු | බෙදාහදා ගන්නා පෞද්ගලික තොරතුරු කාණ්ඩ | ලබන්නාගේ සැකසීමේ අරමුණ සහ මාධ්‍යයන් |
上海光潾网络科技有限公司 | 阎阳:134-7877-2472 | නම, ලිපිනය, දුරකථන අංකය | අපගේ SCRM පද්ධති විකුණුම්කරුට විවිධ අලෙවිකරණ ව්‍යාපාරවලින් එක් රැස් කරන ලද අපගේ විකුණුම් පුද්ගල සම්බන්ධතා වෙත ප්‍රවේශය ඇත |
上海纳魄信息服务有限公司 | Siwen Luo:180-5927-8773 | නම, ලිපිනය, දුරකථන අංකය | අපගේ Baidu SEO/SEM විකුණුම්කරුට විවිධ අලෙවිකරණ ව්‍යාපාරවලින් එක් රැස් කරන ලද අපගේ අනාගත විකුණුම් පුද්ගල සම්බන්ධතා වෙත ප්‍රවේශය ඇත |
上海月盈广告有限公司 | Sixuan Lv:137-6442-7420 | නම, ලිපිනය, දුරකථන අංකය | අපගේ WeChat විකුණුම්කරුට පරිශීලක පැමිණිලි සහ ත්‍යාග නැව්ගත කිරීම හැසිරවීමට අපගේ පරිශීලකයාගේ සමහර සම්බන්ධතා තොරතුරු වෙත ප්‍රවේශය ඇත |
上海八和广告有限公司 | Chengzhen Li: 021-52950556 | නම, ලිපිනය, දුරකථන අංකය | අපගේ වෙබ් අඩවි විකුණුම්කරුට අපගේ වෙබ් අඩව වල අපගේ අනාගත විකුණුම් පුද්ගල සම්බන්ධතා වෙත ප්‍රවේශය ඇත |
上海注解有加文化传播有限公司 | Dongli Lu: 131-2750-9389 | නම, ලිපිනය, දුරකථන අංකය | අපගේ මාධ්‍ය නියෝජිතායතනයට නියැදීම සඳහා අපගේ ප්‍රධාන උපදේශ නායක සහ ප්‍රධාන උපදේශ පාරිභෝගික සම්බන්ධතා තොරතුරු වෙත ප්‍රවේශය ඇත |
长沙春朝冬遇文化传媒有限公司 | Shengjie yang: 131-4682-6763 | නම, ලිපිනය, දුරකථන අංකය | අපගේ වෙළඳ ප්‍රචාරණ ආයතනයට ඉලක්ක අලෙවිකරණය සඳහා අපගේ බලයලත් අනාගත විකුණුම් පුද්ගල සම්බන්ධතා ලැයිස්තුවට ප්‍රවේශය ඇත |
චීන ඉදිකිරීම් බැංකුව | Alston Zhong 15821887028 | නම, හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංකය | අපගේ මූල්‍ය ආයතනයට සේවක බැංකු ගිණුමක් පිහිටුවීමට සහ ප්‍රතිපූරණ වියදම් සැකසීමට සේවක දත්ත වෙත ප්‍රවේශය ඇත. |
චීන වෙළඳ බැංකුව | Shi Sheng Qi 021-38834600 | අපගේ මූල්‍ය ආයතනයට සේවක බැංකු ගිණුමක් පිහිටුවීමට සහ ප්‍රතිපූරණ වියදම් සැකසීමට සේවක දත්ත වෙත ප්‍රවේශය ඇත. | |
බෙදාහරින්නා (හැපි ගෝ) | Ao Chen 185 7066 6244 | නම, ලිපිනය, දුරකථන අංකය | ප්‍රවර්ධන අවශ්‍යතා අනුව ව්‍යාපාරය සහ ලොතරැයි දිනුම් ඇඳීමේ ක්‍රියාකාරකම. |
චයිනා ඉන්ටර්නැෂනල් ඉන්ටලෙක්ටෙක් කෝපරේෂන් | දුරකථනය:0086-21-54594545-2227 Ms. Yuan | නම, දුරකථන අංකය, ලිපිනය, හැඳුනුම්පත් අංකය, අධ්‍යාපන සුදුසුකම් | රැකියාව |
පින්ග් ඇන් පෙන්ෂන් කම්පනි ලිමිටඩ්, ෂැන්හයි ශාඛාව (Ping An Pension Insurance Co., Ltd. Shanghai Branch) | දුරකථනය:021-62487262 Ms. Hu | නම, දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය, ළමයින්ගේ හැඳුනුම්පත් අංක | වෛද්‍ය රක්ෂණය |
ෂැන්හයි හොම්සන් ට්‍රැවල් (සමූහ) කම්පනි ලිමිටඩ් (Shanghai Homsom Travel (Group) Co., Ltd.) | දුරකථනය:021-64475082 Ms. He | නම, දුරකථන අංකය, හැඳුනුම්පත් අංකය, | සංචාර වෙන්කරවා ගැනීම |
අපි සාමාන්‍යයෙන් ඔබේ පෞද්ගලික තොරතුරු බාහිරව මාරු කිරීම සිදු නොකරන්නෙමු. අපට ඒකාබද්ධ වීම, බෙදීම, විසුරුවා හැරීම, බංකොලොත් භාවය යනාදිය හේතුවෙන් පෞද්ගලික තොරතුරු මාරු කිරීමට අවශ්‍ය නම්, ලබන්නාගේ නම සහ සම්බන්ධතා තොරතුරු අපි ඔබට දන්වන්නෙමු, ඒ සමඟම, ලබන්නාට දිගටම මෙම රහස්‍යතා ප්රකාශනයට බැඳී සිටීමට අවශ්‍ය වනු ඇති අතර ඊට අනුරූප බැඳීම් සහ වගකීම් භාර දෙනු ඇත. ලබන්නා මුල් සැකසුම් අරමුණ සහ ක්‍රමය වෙනස් කරන්නේ නම්, එය නීති සහ රෙගුලාසිවලට අනුකූලව ඔබේ කැමැත්ත නැවත ලබා ගත යුතුය.
අපි ඔබේ නීත්‍යානුකූල අවසරය ඇතිව මිස, ඔබේ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ අනාවරණය නොකරන්නෙමු.
ළමයින්ගේ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කිරීම
සාමාන්‍යයෙන්, අපි වයස අවුරුදු 14 ට අඩු (එනම්, ළමයින්) බාල වයස්කරුවන්ගේ පෞද්ගලික තොරතුරු සැකසීමට කටයුතු නොකරන්නෙමු. අපි දරුවන්ගේ දෙමාපියන්ගේ හෝ වෙනත් භාරකරුවන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රැස් කර ඇති බව අප දැනුවත් වුවහොත්, අපි ළමයින්ගේ එවැනි පෞද්ගලික තොරතුරු අපගේ ලිපිගොනු වලින් ඉවත් කරන්නෙමු.
ඔබගේ අයිතිවාසිකම්
ඔබ සමාගමට සපයා ඇති පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් ඔබට නිශ්චිත නීතිමය අයිතිවාසිකම් ඇත, ඒවාට පහත සඳහන් දෑ ඇතුළත් වේ:
ඔබට ඉහත ඔබේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්, කරුණාකර privacy@wd40.com වෙත ඊ-තැපෑලක් යොමු කරන්න. ඉහත අයිතිවාසිකම් අදාළ චීන නීති යටතේ සීමාවන්ට සහ ව්‍යතිරේකවලට යටත් වන බව කරුණාවෙන් සලකන්න. අපි අදාළ චීන නීතිවලට අනුකූලව ඔබගේ ඉල්ලීම්වලට සාධාරණව ප්‍රායෝගික හැකි ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නෙමු. ඔබගේ පෞද්ගලික තොරතුරු වල ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස, පෞද්ගලික තොරතුරු අයිතිවාසිකම් සඳහා වන ඔබගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට පෙර, ඔබට ලිඛිත ඉල්ලීමක් ලබා දීමට හෝ වෙනත් ආකාරයකින් ඔබගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අවශ්‍ය විය හැකි අතර, ඔබගේ ඉල්ලීම සැකසීමට පෙර ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අපට අයිතියක් ඇත. ඔබට නොවිසඳුණු උත්සුකයන් තිබේ නම්, අදාළ අධීක්ෂණ බලධාරීන්ට පැමිණිලි කිරීමට හෝ අදාළ වන විට, අදාළ චීන නීතිවලට අනුකූලව අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ඔබට අයිතියක් ඇත.
© 2025 WD-40 COMPANY (MALAYSIA) SDN BHD.
அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை